Author: Chamali Perera

චන්න ද සිල්වා මහතා

චන්න ද සිල්වා මහතා ලංකා ක්ලියර් (LankaClear) සමාගමේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරි වේ. ශ්‍රී ලංකාවේ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ චන්න ද සිල්වා මහතා නිව්යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විද්යුත් හා පරිගණක ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී හා විද්‍යාපති උපාධි ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි ආචාර්ය ප්‍රභාත් සමරතුංග, චන්න ද සිල්වා මහතාට හමු වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටි කාලයේයි. 1995 දී ආපසු ලංකාවට පැමිණි චන්න ද සි...
වැඩිදුර කියවන්න

ආචාර්ය රුවන් වීරසිංහ

ආචාර්ය රුවන් වීරසිංහ, ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ මුල් උපාධිය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. ඔහු තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ එක්සත් රාජධානියේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නියැලී සිටිය දීයි. එතැන් සිට රුවන් වීරසිංහ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විවිධ අංශවලට සම්බන්ධ වී කටයුතු කර තිබේ. ආරම්භයේ දි ඔහු නිරත වූයේ සුළු පරිමාණ ව්‍යාපෘති හා රාජ්‍ය අංශයේ ආයතනවල ශක්‍යතා අධ්‍යයනවලයි. රුවන් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වා දීමට කටයුතු කළ පුරෝගාමී ආයතනවලට සම්බන්ධව කටයුතු කළේය. මෙම ආයතන වන්නේ ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) හා 2003...
වැඩිදුර කියවන්න

හර්ෂ විජයවර්ධන මහතා

හර්ෂ විජයවර්ධන මහතා තීක්ෂණ ආයතනයේ (කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් පාලනය වන සමාගමකි) ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මෙන් ම ශ්‍රී ලංකාවේ සියල්ල ඇතුළත් අන්තර්ජාලය (IOT) පිළිබඳ ආරම්භක සමාගමක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ද වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විජයවර්ධන මහතාට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අවුරුදු 25කට වැඩි අත්දැකීම් තිබේ. විජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ අධිසාමාක සාමාජිකයෙකි (Fellow Member). කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ (UCSC) මෘදුකාංග සංවර්ධන ඒකකය (SDU) පිහිටුවීමට ද ඔහු සම්බන්ධ විය. ඔහු සහ මෙම ඒකකයේ ඔහුගේ කණ්ඩායම ශ...
වැඩිදුර කියවන්න

ලාල් ඩයස් මහතා

ලාල් ඩයස් මහතා වරලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් මෙන් ම බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් ද වෙයි. එක්සත් රාජධානියේ හා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ ඒ මහතා මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධියක් ද මර්ඩොක් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන තිබේ. ඔහු අවුරුදු 25කට වැඩි කාලයක් බැංකු ක්ෂේත්‍රයේ කටයුතු කර ඇත. ලංකාවට පැමිණ හැටන් නැෂනල් බැංකුවට සම්බන්ධ වීමට පෙර යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ ප්‍රංශ බැංකුවක (Societe Generale) සේවය කළ ලාල් ඩයස් මහතාට පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka C...
වැඩිදුර කියවන්න

මහාචාර්ය ගිහාන් ඩයස්

කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ගිහාන් ඩයස් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉන්ජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. කැලිෆෝනියා (ඩේවිස්) විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ මහාචාර්යවරයෙක් වේ. .LK වසම් (.LK Domain Registry) අධිකාරියේ සමාරම්භක හා ප්‍රධාන විධායක නිලධාරියා වන ඔහු 1990 පමණ සිට ඉහළ මට්ටමේ වසම් (TLD) කළමනාකරණ කටයුතුවල නියැලී සිටි. ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) පිහිටුවීමේත්, ක්‍රියාත්මක කිරීමේත් පුරෝගාමියෙක් වන මහාචාර්ය ගිහාන් ඩයස්, ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්, ගුරුවරුන් හා වෘත්තිකයන්ගේ ලාභ නො ලබ...
වැඩිදුර කියවන්න

මහාචාර්ය අභය ඉඳුරුව

මහාචාර්ය අභය ඉඳුරුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1973 වර්ෂයේ, දැන් මොරටුව විශ්ව විද්‍යාලය යනුවෙන් හඳුන්වන එවකට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපයේ ශිෂ්‍යයෙක් ව සිටි අවදියේයි. පසුව ඔහු ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යායතනයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේය. මහාචාර්ය අභය ඉඳුරුව හඳුන්වනු ලබන්නේ “ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පියා“ ලෙසයි. ඔහු විසින් හඳුනා ගෙන ඇති, උත්සාහ දරා ඇති හා ක්‍රියාත්මක කර ඇති කටයුතු, ශ්‍රි ලංකාවේ අන්තර්ජාල කේෂ්ත්‍රය තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. අනූවේ දශකයේ දී “ලංකා පරීක්ෂණාත්මක අධ්‍යයන හා පර්යේෂණ ජාලය“ (LEARN) ස්ථාපිත කිරීම එක් ප්‍රධාන පියවරක් වේ. ලබ...
වැඩිදුර කියවන්න

ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තයේ හා පුද්ගලික අධ්‍යාපනයේ පුරෝගාමියෙක් වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ ඉන්ෆොමැටික්ස් සමාගම් සමූහයේ සමාරම්භක හා සභාපතිවරයා ද වේ. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ එංගලන්තය හා බෙල්ජියම යන රටවලයි. 1983 වර්ෂයේ ආපසු ලංකාවට පැමිණි ඔහු පරිගණක සමාගමක් ලෙස ඉන්ෆොමැටික්ස් ආයතනය ආරම්භ කළේය. ඉන්ෆොමැටික්ස් සමාගම දෘඪාංග, මෘදුකාංග, පුහුණුව හා නඩත්තුව ආදි සියල්ල ලබා දුන් පූර්ණ විසඳුම් සමාගමක් විය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල රටේ ඇති ඉල්ලුමට සරිලන තරම් තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් බිහි නො කරන බැවින් තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟයක් ඇති බව අවබෝධ කර ගත් වික්‍රමසිංහ මහතා මැ...
වැඩිදුර කියවන්න

අභය අමරදාස මහතා

කොළම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අභය අමරදාස මහතා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) සාමාන්‍යාධිකාරී වේ. පාසලේ දී මුද්‍රණ ශිල්පය ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණු බැවින් අමරදාස මහතා ලේක්හවුස් ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කළ අතර 1980 දෙසැම්බර් මාසයේ එම රැකියාව ලැබුණි. ඔහුගේ වෘත්තිය උනන්දුව තිබුණේ චිත්‍රක කලාව හා මුද්‍රණ තාක්ෂණ ශිල්පය ගැනයි. අමරදාස මහතා ඔෆ්-සෙට් ලිතොග්‍රාෆ්, මුද්‍රණය සඳහා සැලසුම්, පිරිවැය හා ඇස්තමේන්තු කිරීම හා චිත්‍රක පුනර්-ඡායාරූපකරණය ඇතුළු මුද්‍රණ තාක්ෂණය පිළිබඳ තෘතීයික පාඨමාලා හදාරා තිබේ. මේ සඳහා ඔහු පළමු පන්තියේ ස්වර්ණ සම්මාන ද දිනා ගෙන ඇත. රජත සම්මාන...
වැඩිදුර කියවන්න

යසා කරුණාරත්න මහතා

යසා කරුණාරත්න මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේයි. 1967 වර්ෂයේ ලංකා විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබා ගත් ඔහු අවුරුදු දෙකක් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා හා ගණිත අංශවල සේවය කළේය. ඉන් පසු ඔහු බැඳුණේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවටයි. මෙය ඒ වන විට රටේ පරිගණකයක් තිබු එකම රාජ්‍ය ආයතනය වු අතර යසා කරුණාරත්න මහතා ඔහුගේ පරිගණක වෘත්තිය ජීවිතය ආරම්භ කළේ මෙහිදීය. 1970 වර්ෂයේ දී කරුණාරත්න මහතා ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට එක් වූ අතර 1971 ජන සංගණනය සැලසුම් කිරීමේ වගකීම දැරුවේ ඔහුයි. 1972 දී පද්ධති විශ්ලේෂකයෙකු ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බැදුණු කරුණාරත්න මහතා පසුව...
වැඩිදුර කියවන්න

ලක්ෂ්මන් හෙටිටිආරච්චි මහතා

    ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙක්, බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් හා නීතිඥයෙක් ද වේ. 1979 වර්ෂයේ මූල්‍ය හා පරිපාලන කළමනාකරු ලෙස අයිබීඑම් (IBM) සමාගමට බැදුණු ඔහු එහි ගිණුම් හා අයවැය සම්බන්ධ කටයුතුවල නිරත විය. පසුව අලෙවිකරණ ක්ෂේත්‍රයට පිවිසී හෙට්ටිආරච්චි මහතා අවසානයේ අයිබීඑම් ශ්‍රී ලංකා සමාගමේ දේශීය කළමනාකරු විය.       (more…)
වැඩිදුර කියවන්න