Author: Chamali Perera

මහාචාර්ය සෑම් කරුණාරත්න

මින් අඩ සියවසකට පෙර එනම් 1960 දශකයේ ලංකාවේ පරිගණක කටයුතු ආරම්භ වූ යුගය මහාචාර්ය සෑම් කරුණාරත්න සිහිපත් කරයි. 1960 ගණන්වල අග භාගයේ දී රාජ්‍ය අංශයේ සංවිධානයකට පරිගණකයක් ලබා දීමට රජය තීරණය කළ බව ඔහු සිහිපත් කරයි. සිවිල් ඉංජිනේරුවෙකු සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (SEC) ආරම්භක සභාපති වු ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා එම සංස්ථාවට පරිගණකයක දැඩි අවශ්‍යතාවක් ඇති බව පෙන්වා දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරිගණකයක් මිල දී ගැනීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 2 ක පමණ මුදලක් වෙන් කරන ලදී. එවකට ඇමරිකා එක්සත් ජනපදයේ බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්ය සෑම් කරුණාරත්න 1967 අප්‍...
වැඩිදුර කියවන්න

කෝලිත ධර්මවර්ධන මහතා

කෝලිත ධර්මවර්ධන මහතා 1986 දී තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් විය. ඔහු නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළේ ය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්වගාමියා වූ තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) විසින් "පරිගණක සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් රටේ නීති පද්ධතියට හඳුන්වා දිය යුතු ක්‍රම යෝජනා සකස් කිරීම සහ ඒවා නීතිගත කිරීමට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම..." සඳහා නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුව පිහිටුවන ලදී. තොරතුරු තාක්ෂණ භාවිතය තුළින් මතු විය හැකි නව වතාවරණය සමග කටයුතු කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා සාක්ෂි නීතිය සමාලෝචනය කි...
වැඩිදුර කියවන්න

පුෂ්පානන්ද ඒකනායක මහතා

පුෂ්පානන්ද ඒකනායක මහතා විවිධ හැඩයෙන් යුත් සිංහල අකුරු නිර්මාණය කිරීමේ නිරත වූයේ කුඩා කාලයේ සිටයි. ඒකනායක මහතා විසින් නිර්මාණය කරන ලද පළමු සිංහල ෆොන්ටය වූයේ ‘මලිති’ නමින් හැඳින්වූ සිංහල අක්ෂර මාලාවයි. 1998 දී ඒකනායක මහතා විසින් නිර්මාණය කළ කරන ලද ෆොන්ට 10 ක් නිකුත් කළ නමුත් මේවාට පෙළ අකුරු සඳහා යොදා ගත හැකි අකුරු වර්ගයක් ඇතුළත් නොවීය. පෙළ අකුරු සඳහා වූ ෆොන්ටයක අවශ්‍යතාවක් තිබූ අතර ඒකනායක මහතා විසින් ඒ සඳහා ඉතා ජනප්‍රිය සිංහල ඇස්කී ෆොන්ටයක් වූ ‘එෆ්එම් අභය’ අකුරු නිර්මාණය කරන ලදී. ඉන් පසුව විවිධ අරමුණු සඳහා වූ විවිධ මෝස්තර වලින් යුත් සිංහල අකුරු සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම ද අවශ්‍ය වූයේ ය...
වැඩිදුර කියවන්න

මංජු හත්තොටුව මහතා

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු මංජු හත්තොටුව මහතා ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයෙන් විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් ලබා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක්ද ද ලබා ගෙන තිබේ. කොටස් හුවමාරු මෘදුකාංග කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන මිලේනියම් අයිටී (MIT) හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ඔහු මිලේනියම් අයිටී (MIT) ආයතනයේ තොරතුරු තාක්‍ෂණයට සම්බන්ධ වීම තුළින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා වූ ඔහුගේ උනන්දුව වැඩිවූ බව හත්තොටුව මහතා පවසයි. ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නිය...
වැඩිදුර කියවන්න

ආචාර්ය රානී ජයමහ මහත්මිය

 පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් 1970 වර්ෂයේදී මුදල් හා බැංකුකරණය පිළිබඳ පළමු උපාධිය (ගෞරව) ලබා ගත් ජයමහ මහත්මිය වර්ෂයක් පමණ කාලයක් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර පසුව 1971 දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට (ERD) ආර්ථික විද්‍යාඥයෙක් ලෙස සම්බන්ධ විය. ඉන්පසුව බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් ලබා ගත් ඇය ශාස්ත්‍රපති උපාධිය සඳහා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්ව විද්‍යාලයේ වසර දෙකක (1975-1976) කාලයක් ගත කළාය.  1976 දී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඇය මහ බැංකුවට නැවත පැමිණීමෙන් පසු මුදල්...
වැඩිදුර කියවන්න

ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තයේ හා පුද්ගලික අධ්‍යාපනයේ පුරෝගාමියෙක් වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ ඉන්ෆොමැටික්ස් සමාගම් සමූහයේ සමාරම්භක හා සභාපතිවරයා ද වේ. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ එංගලන්තය හා බෙල්ජියම යන රටවලයි. 1983 වර්ෂයේ ආපසු ලංකාවට පැමිණි ඔහු පරිගණක සමාගමක් ලෙස ඉන්ෆොමැටික්ස් ආයතනය ආරම්භ කළේය. ඉන්ෆොමැටික්ස් සමාගම දෘඪාංග, මෘදුකාංග, පුහුණුව හා නඩත්තුව ආදි සියල්ල ලබා දුන් පූර්ණ විසඳුම් සමාගමක් විය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල රටේ ඇති ඉල්ලුමට සරිලන තරම් තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් බිහි නො කරන බැවින් තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟයක් ඇති බව අවබෝධ කර ගත් වික්‍රමසිංහ මහතා මැ...
වැඩිදුර කියවන්න