ගෙවීම් පද්ධති

ආචාර්ය රානී ජයමහ මහත්මිය

 පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් 1970 වර්ෂයේදී මුදල් හා බැංකුකරණය පිළිබඳ පළමු උපාධිය (ගෞරව) ලබා ගත් ජයමහ මහත්මිය වර්ෂයක් පමණ කාලයක් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර පසුව 1971 දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට (ERD) ආර්ථික විද්‍යාඥයෙක් ලෙස සම්බන්ධ විය. ඉන්පසුව බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් ලබා ගත් ඇය ශාස්ත්‍රපති උපාධිය සඳහා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්ව විද්‍යාලයේ වසර දෙකක (1975-1976) කාලයක් ගත කළාය.  1976 දී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඇය මහ බැංකුවට නැවත පැමිණීමෙන් පසු මුදල්...
වැඩිදුර කියවන්න

ජනක ද සිල්වා මහතා

ජනක ද සිල්වා මහතා පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව හා ගණිතය හදාරා 1966 දී උපාධිය ලබා ගත්තේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය ලබා ඇති ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CA Sri Lanka), වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකි. ජනක ද සිල්වා මහතාගේ පරිගණක ඇසුර ආරම්භ වූයේ 1978 දී ලංකා බැංකුවේ මෙහෙයුම් පරිගණක ගත කිරීමේ කාර්යය ඔහුට පැවරීමත් සමගයි. පසුව ජනක ද සිල්වා මහතා ආරම්භක සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී ලෙස සම්පත් බැංකුවට සම්බන්ධ වූ අතර එහිදී බහු-ස්ථාන ස්...
වැඩිදුර කියවන්න

චන්න ද සිල්වා මහතා

චන්න ද සිල්වා මහතා ලංකා ක්ලියර් (LankaClear) සමාගමේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරි වේ. ශ්‍රී ලංකාවේ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ චන්න ද සිල්වා මහතා නිව්යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විද්යුත් හා පරිගණක ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී හා විද්‍යාපති උපාධි ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි ආචාර්ය ප්‍රභාත් සමරතුංග, චන්න ද සිල්වා මහතාට හමු වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටි කාලයේයි. 1995 දී ආපසු ලංකාවට පැමිණි චන්න ද සි...
වැඩිදුර කියවන්න

නයනි ප්‍රනාන්දු මහත්මිය

ලංකා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරිනියක් වන නයනි ප්‍රනාන්දු මිය, ඇමරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සමාජ හා ආර්ථික සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගෙන තිබේ. ඇය ශ්‍රී ලංකා පරිගණක වෘත්තිකයන්ගේ සංගමයේ (CSSL) අධිසාමාජිකාවක් ද වේ. 1993 වර්ෂයේ සොන්ටා (Zonta) සමාජය විසින් ජයග්‍රාහක කාන්තා සම්මානය පිරිනැමීමෙන් ඇගේ හැකියාවන් පිළිගැනිමට ලක් කරන ලදී. ඇය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිය ජීවිතය ආරම්භ කළේ 1971 වර්ෂයේ ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පරිගණක ක්‍රමලේඛිකාවක් ලෙසයි. ඉන් පසු 1978 සිට 2000 වර්ෂය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ඇය 1988 ක්‍රියා...
වැඩිදුර කියවන්න