භාෂා තාක්ෂණය

පුෂ්පානන්ද ඒකනායක මහතා

පුෂ්පානන්ද ඒකනායක මහතා විවිධ හැඩයෙන් යුත් සිංහල අකුරු නිර්මාණය කිරීමේ නිරත වූයේ කුඩා කාලයේ සිටයි. ඒකනායක මහතා විසින් නිර්මාණය කරන ලද පළමු සිංහල ෆොන්ටය වූයේ ‘මලිති’ නමින් හැඳින්වූ සිංහල අක්ෂර මාලාවයි. 1998 දී ඒකනායක මහතා විසින් නිර්මාණය කළ කරන ලද ෆොන්ට 10 ක් නිකුත් කළ නමුත් මේවාට පෙළ අකුරු සඳහා යොදා ගත හැකි අකුරු වර්ගයක් ඇතුළත් නොවීය. පෙළ අකුරු සඳහා වූ ෆොන්ටයක අවශ්‍යතාවක් තිබූ අතර ඒකනායක මහතා විසින් ඒ සඳහා ඉතා ජනප්‍රිය සිංහල ඇස්කී ෆොන්ටයක් වූ ‘එෆ්එම් අභය’ අකුරු නිර්මාණය කරන ලදී. ඉන් පසුව විවිධ අරමුණු සඳහා වූ විවිධ මෝස්තර වලින් යුත් සිංහල අකුරු සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම ද අවශ්‍ය වූයේ ය...
වැඩිදුර කියවන්න

බාලචන්ද්‍රන් ඥානසේකරෙයර් මහතා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ දේශීය භාෂා සම්බන්ධයෙන් සිදුවූ ප්‍රධාන වර්ධනයන් සඳහා බාලචන්ද්‍රන්  ඥානසේකරෙයර් මහතා විශාල දායකත්වයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ  නියෝජිතායතනයේ (ICTA) උපදේශකයෙකු ලෙස ඔහු 2006 දී දෙමළ යතුරුපුවරුව ප්‍රමිතිගත කිරීමේ කටයුතු ආරම්භ කළේය. දෙමළ යතුරුපුවරුවේ පිරිසැලැස්ම, යතුරුවල අනුක්‍රමය, යුනිකෝඩ් ප්‍රමිතියට අනුකූලව දෙමළ අක්ෂර කේතනය කිරීම සහ දෙමළ සඳහා පරිතුලන අනුක්‍රමයක් ඇතුළත් දෙමළ භාෂාව සඳහා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම සඳහා  ඔහු කටයුතු කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින්...
වැඩිදුර කියවන්න

එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්)

එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්) ‍පසුගිය වසර 19 ක් තිස්සේ මෘදුකාංග කර්මාන්තයේ නියැලී සිටින ප්‍රවීණ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකි.  ජංගම දුරකථන තාක්‍ෂණය පිළිබඳ විශේෂඥයෙකු වන  ඔහු පසුගිය දශකය තුළම අවධානය යොමු කර ඇත්තේ එයටයි.  ඇන්ඩ්‍රොයිඩ්, අයිඕඑස් .නෙට්, ජාවා සහ මිඩ්ල්වෙයාර් ආදියේ නිපුණතාව ඇති ඔහුට විදුලි සංදේශ මෘදුකාංග සංවර්ධනය පිළිබඳ මනා දැනුමක් තිබේ. ඉන්දියාවේ ට්‍රිචි හි භාරතීදාසන් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලබා ඇති ඔහු දැනට “එම්බ්‍රේන් ටෙක්නොලොජීස් (mBrain Technologies) සමාගමේ ප්‍රධාන විධායක සහ ප්‍රධාන නිර්මාණ ශිල්පියාද වේ. ෂාන් ශ්‍රී ලංකාවේ තොරතු...
වැඩිදුර කියවන්න

රොහාන් මානමුදලි මහතා

රොහාන් මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතා සමඟ 1994 දී සයන්ස් ලෑන්ඩ් කෝපරේෂන් (පුද්) සමාගම ආරම්භ කරන ලද අතර එය දේශීය භාෂා පරිගණකකරණය සඳහාම කැප වූ සමාගමක් විය. ශ්‍රී ලංකාවේ දේශීය භාෂා පරිගණකකරණයට විශාල බලපෑමක් කළ ත්‍රිභාෂා වචන සකසනය වන ‘තිබස්’ පැකජයේ සම-සංවර්ධකයින් වූයේ මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතායි. මෙය ඉංග්‍රීසි බස නො දැනීම නිසා බොහෝ දෙනෙක් පරිගණක භාවිතා කිරීමට මැලි වූ කාලයක් විය. ශ්‍රී ලංකාවේ ජනයාට පරිගණක භාවිතා කිරීමට විශාල බාධාවක් වූයේ භාෂාවයි. ‘තිබස්’ මෙම හිඩැස පිරවූ අතර මේ නිසා සිංහල පමණක් දත් අයට පද සකසන භාවිතා කිරීමට හැකි වූයේය. රොහාන් මානමුදාලි මොරටුව විශ්ව විද්‍යාලයේ ...
වැඩිදුර කියවන්න

එස්.ටී. නන්දසාර මහතා

එස්.ටී. නන්දසාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් කථිකාචාර්යවරයෙක් මෙන්ම එහි උසස් ඩිජිටල් මාධ්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ද වේ. නන්දසාර මහතා 1979 දී ප්‍රථම උපාධිය ලබා ගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. 1989 සිට එක්සත් රාජධානියේ රෙඩින් හා එසෙක්ස් විශ්ව විද්‍යාලවල සංඛ්‍යානය, පරිගණක යෙදුම් හා පරිගණක විද්‍යාව පිළිබඳ ඔහු තුන් අවුරුදු පශ්චාත් උපාධි පුහුණුවක් ලැබුවේය. බ්‍රිතාන්‍ය රජයේ කාර්මික සහයෝගිතා වැඩසටහනක් යටතේ ඔහු “පරිගණක යෙදුම් හා සංඛ්‍යානය හා පරිගණක විද්‍යාව” පිළිබඳ පාඨමාලාවක් ද හැදෑරුවේය. නන්දසාර මහතාගේ වෘත්තිය ජීවිතයේ විශාල ජයග්‍රහණයක් වූයේ 1982 නොවැම්බර් මාසයේ පැවත...
වැඩිදුර කියවන්න

දිනිෂා එදිරිවීර මහත්මිය

දීනිෂා එදිරිවීර මහත්මිය වර්තමානයේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) ජ්‍යෙෂ්ඨ පද්ධති ඉන්ජිනේරුවෙක් වේ. ඇය ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදි (B.Sc.) හා විද්‍යාපති (M.Sc.) උපාධි හිමි කරගෙන ඇත. ඇය ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ (IESL) සමායන සාමාජිකාවක් මෙන් ම ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සමායන සාමාජිකාවක් ද වේ. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී එදිරිවීර මහත්මිය, වර්ගීකෘත දැන්වීම් පද්ධතියට හා ඩිජිටල් දැන්වීම් පද්ධතිය සඳහා මෘදුකාංග සැලසුම් කර සංවර්ධනය කළාය. මෙයට අමතරව වර්ගීකෘත දැන්වීම් පද්ධතිය සඳහා සිංහල පරිතුලන (Collation) ඇල්ගොරිතමය ද, සංස්කරණ පද්ධතිය සඳහා සිංහල ...
වැඩිදුර කියවන්න

ආචාර්ය රුවන් වීරසිංහ

ආචාර්ය රුවන් වීරසිංහ, ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ මුල් උපාධිය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. ඔහු තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ එක්සත් රාජධානියේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නියැලී සිටිය දීයි. එතැන් සිට රුවන් වීරසිංහ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විවිධ අංශවලට සම්බන්ධ වී කටයුතු කර තිබේ. ආරම්භයේ දි ඔහු නිරත වූයේ සුළු පරිමාණ ව්‍යාපෘති හා රාජ්‍ය අංශයේ ආයතනවල ශක්‍යතා අධ්‍යයනවලයි. රුවන් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වා දීමට කටයුතු කළ පුරෝගාමී ආයතනවලට සම්බන්ධව කටයුතු කළේය. මෙම ආයතන වන්නේ ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) හා 2003...
වැඩිදුර කියවන්න

හර්ෂ විජයවර්ධන මහතා

හර්ෂ විජයවර්ධන මහතා තීක්ෂණ ආයතනයේ (කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් පාලනය වන සමාගමකි) ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මෙන් ම ශ්‍රී ලංකාවේ සියල්ල ඇතුළත් අන්තර්ජාලය (IOT) පිළිබඳ ආරම්භක සමාගමක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ද වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විජයවර්ධන මහතාට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අවුරුදු 25කට වැඩි අත්දැකීම් තිබේ. විජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ අධිසාමාක සාමාජිකයෙකි (Fellow Member). කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ (UCSC) මෘදුකාංග සංවර්ධන ඒකකය (SDU) පිහිටුවීමට ද ඔහු සම්බන්ධ විය. ඔහු සහ මෙම ඒකකයේ ඔහුගේ කණ්ඩායම ශ...
වැඩිදුර කියවන්න