Author: Chamali Perera

එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්)

එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්) ‍පසුගිය වසර 19 ක් තිස්සේ මෘදුකාංග කර්මාන්තයේ නියැලී සිටින ප්‍රවීණ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකි.  ජංගම දුරකථන තාක්‍ෂණය පිළිබඳ විශේෂඥයෙකු වන  ඔහු පසුගිය දශකය තුළම අවධානය යොමු කර ඇත්තේ එයටයි.  ඇන්ඩ්‍රොයිඩ්, අයිඕඑස් .නෙට්, ජාවා සහ මිඩ්ල්වෙයාර් ආදියේ නිපුණතාව ඇති ඔහුට විදුලි සංදේශ මෘදුකාංග සංවර්ධනය පිළිබඳ මනා දැනුමක් තිබේ. ඉන්දියාවේ ට්‍රිචි හි භාරතීදාසන් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලබා ඇති ඔහු දැනට “එම්බ්‍රේන් ටෙක්නොලොජීස් (mBrain Technologies) සමාගමේ ප්‍රධාන විධායක සහ ප්‍රධාන නිර්මාණ ශිල්පියාද වේ. ෂාන් ශ්‍රී ලංකාවේ තොරතු...
වැඩිදුර කියවන්න

රොහාන් මානමුදලි මහතා

රොහාන් මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතා සමඟ 1994 දී සයන්ස් ලෑන්ඩ් කෝපරේෂන් (පුද්) සමාගම ආරම්භ කරන ලද අතර එය දේශීය භාෂා පරිගණකකරණය සඳහාම කැප වූ සමාගමක් විය. ශ්‍රී ලංකාවේ දේශීය භාෂා පරිගණකකරණයට විශාල බලපෑමක් කළ ත්‍රිභාෂා වචන සකසනය වන ‘තිබස්’ පැකජයේ සම-සංවර්ධකයින් වූයේ මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතායි. මෙය ඉංග්‍රීසි බස නො දැනීම නිසා බොහෝ දෙනෙක් පරිගණක භාවිතා කිරීමට මැලි වූ කාලයක් විය. ශ්‍රී ලංකාවේ ජනයාට පරිගණක භාවිතා කිරීමට විශාල බාධාවක් වූයේ භාෂාවයි. ‘තිබස්’ මෙම හිඩැස පිරවූ අතර මේ නිසා සිංහල පමණක් දත් අයට පද සකසන භාවිතා කිරීමට හැකි වූයේය. රොහාන් මානමුදාලි මොරටුව විශ්ව විද්‍යාලයේ ...
වැඩිදුර කියවන්න

නීල් ගුණදාස මහතා

නීල් ගුණදාස මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (B.Sc) උපාධියක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, , කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් (NIE) අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (M.Sc) උපාධියක්ද ලබා ගෙන තිබේ. නීල් ගුණදාස මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත කළමනාකරණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ (SLEAS-I) වේ. ඔහුගේ එක් ප්‍රධාන වගකීමක්...
වැඩිදුර කියවන්න

මහාචාර්ය ලලිත් ගමගේ

මහාචාර්ය ලලිත් ගමගේ මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවට ඇතුළු වූයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ය. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ බව මහාචාර්ය ලලිත් ගමගේ පවසයි. උපාධිය ලැබීමෙන් පසු ලලිත් ගමගේ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ අලුතින් පිහිටුවන ලද පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවට උපදේශකයෙකු ලෙස සම්බන්ධ විය. ලලිත් ගමගේට ලයිස්ටර් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් මෙකට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර...
වැඩිදුර කියවන්න

චන්දන වීරසිංහ මහතා

චන්දන වීරසිංහ මහතා ඩී.එම්.එස්. ඉලෙක්ට්‍රොනික්ස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරීවරයායි. ඔහු නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චන්දන පළමු වරට පරිගණක පද්ධති හා සම්බන්ධ වූයේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙතු ලෙස සිටියදීය. ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමට ඔහු සමත් විය. උපාධිය ලැබීමෙන් පසු චන්දන 1984 දී දත්ත කළමනාකරණ පද්ධති (DMS) සමාගමේ ඉංජිනේරුව‍ෙකු ලෙස සම්බන්ධ විය. ඉන් අනතුරුව චන්දනා වීරසිංහ මහතා එවකට එම (DMS) සමාගම විසින් අලෙවි කරන ලද වැන්ග් කුඩා පරිගණක පද්ධති සඳහා සහාය ලබා දීමේ නිරත විය. චන්දන වීරසිංහ මහතා නායකත්වය ...
වැඩිදුර කියවන්න

නිරන්ජන් ද සිල්වා මහතා

නිරන්ජන් ද සිල්වා මහතා මෙට්‍රොපොලිටන් කම්පියුටර්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඔහුගේ පළමු උපාධිය එක්සත් රාජධානියෙන් ලබා ගත්තේය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ශාස්ත්‍රපති (MBA) උපාධියක් ලබා ඇත. නිරන්ජන් 1981 පෙබරවාරි මාසයේදී ඉංජිනේරුවෙකු ලෙස මෙට්‍රොපොලිටන් සමූහයට සම්බන්ධ විය. නිරන්ජන් මෙට්‍රොපොලිටන් සමාගමට සම්බන්ධ වන විට, බැංකු උපකරණ ලෙජර් කාඩ් සහ මුද්‍රණ යන්ත්‍ර සැපයීමේ ඒකාධිකාරිය තිබුණේ මෙට්‍රොපොලිටන් සමාගමටයි. 1982 දී ලංකා බැංකුව (BOC) ස්වයංකෘත (automate) කිරීමට තී...
වැඩිදුර කියවන්න

ලාල් චන්ද්‍රනාත් මහතා

ලාල් චන්ද්‍රනාත් මහතා සීමාසහිත ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ සහ ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් මෘදුකාංග තාක්ෂණ සමාගමේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයෙකි. 1978 දී සීමාසහිත ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් (DMS) සමාගමේ ආරම්භක කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු 2017 ජුනි මාසය දක්වා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළේය. 1981 දී සීමාසහිත ඩීඑම්එස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ආරම්භ කළ කණ්ඩායම් සාමාජිකයෙකු වූ ඔහු 2017 ජුනි දක්වා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළේය. පසුව 2014 දී චන්ද්‍රනාත් මහතා ඩී.එම්.එස්. සොෆ්ට්වෙයාර් ටෙක්නොලොජීස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ / සාමාන්‍යාධිකාරී ලෙස පත් කරන ලද අතර වේගවත් වර්ධනයට ඉඩ ස...
වැඩිදුර කියවන්න

ජගත් රණවක මහතා

කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ජගත් රණවක මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධියක් ලබා ගත්තේය. ඔහු 1985 වර්ෂයේ මැයි මාසයේ දී සීමාසහිත ජගත් රොබොටික්ස් (පුද්) සමාගම යන නමින් තමාගේ ම සමාගමක් ආරම්භ කළේය. පරිගණක දෘඪාංග නිෂ්පාදනය හා අලෙවිය, මෘදුකාංග සංවර්ධනය ආදි ක්ෂේත්‍රයන්හි නියැලුණු මෙම සමාගමේ කළමනාකාරිත්වය පිළිබඳ ව ඔහුට අවුරුදු තිහකට වැඩි අත්දැකීම් තිබේ. මෙම සමාගමේ කාර්ය මණ්ඩලයේ සිය දෙනෙකුට වැඩි පිරිසක් සේවය කළෝය. වෘත්තීය මෘදුකාංග විසඳුම් සකස් කිරීම අතින් රණවක මහතාට අවුරුදු තිහකට වැඩි පළපුරුද්දක් තිබේ. මේවාට අවශ්‍යතා හඳුනා ගැනීම, විශ්ලේෂණය, සැලසුම් කිරීම, ලේඛන ගත කිර...
වැඩිදුර කියවන්න

එස්.ටී. නන්දසාර මහතා

එස්.ටී. නන්දසාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් කථිකාචාර්යවරයෙක් මෙන්ම එහි උසස් ඩිජිටල් මාධ්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ද වේ. නන්දසාර මහතා 1979 දී ප්‍රථම උපාධිය ලබා ගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. 1989 සිට එක්සත් රාජධානියේ රෙඩින් හා එසෙක්ස් විශ්ව විද්‍යාලවල සංඛ්‍යානය, පරිගණක යෙදුම් හා පරිගණක විද්‍යාව පිළිබඳ ඔහු තුන් අවුරුදු පශ්චාත් උපාධි පුහුණුවක් ලැබුවේය. බ්‍රිතාන්‍ය රජයේ කාර්මික සහයෝගිතා වැඩසටහනක් යටතේ ඔහු “පරිගණක යෙදුම් හා සංඛ්‍යානය හා පරිගණක විද්‍යාව” පිළිබඳ පාඨමාලාවක් ද හැදෑරුවේය. නන්දසාර මහතාගේ වෘත්තිය ජීවිතයේ විශාල ජයග්‍රහණයක් වූයේ 1982 නොවැම්බර් මාසයේ පැවත...
වැඩිදුර කියවන්න

දිනිෂා එදිරිවීර මහත්මිය

දීනිෂා එදිරිවීර මහත්මිය වර්තමානයේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) ජ්‍යෙෂ්ඨ පද්ධති ඉන්ජිනේරුවෙක් වේ. ඇය ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදි (B.Sc.) හා විද්‍යාපති (M.Sc.) උපාධි හිමි කරගෙන ඇත. ඇය ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ (IESL) සමායන සාමාජිකාවක් මෙන් ම ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සමායන සාමාජිකාවක් ද වේ. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී එදිරිවීර මහත්මිය, වර්ගීකෘත දැන්වීම් පද්ධතියට හා ඩිජිටල් දැන්වීම් පද්ධතිය සඳහා මෘදුකාංග සැලසුම් කර සංවර්ධනය කළාය. මෙයට අමතරව වර්ගීකෘත දැන්වීම් පද්ධතිය සඳහා සිංහල පරිතුලන (Collation) ඇල්ගොරිතමය ද, සංස්කරණ පද්ධතිය සඳහා සිංහල ...
වැඩිදුර කියවන්න