පරිගණක කර්මාන්තය

චන්දන වීරසිංහ මහතා

චන්දන වීරසිංහ මහතා ඩී.එම්.එස්. ඉලෙක්ට්‍රොනික්ස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරීවරයායි. ඔහු නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චන්දන පළමු වරට පරිගණක පද්ධති හා සම්බන්ධ වූයේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙතු ලෙස සිටියදීය. ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමට ඔහු සමත් විය. උපාධිය ලැබීමෙන් පසු චන්දන 1984 දී දත්ත කළමනාකරණ පද්ධති (DMS) සමාගමේ ඉංජිනේරුව‍ෙකු ලෙස සම්බන්ධ විය. ඉන් අනතුරුව චන්දනා වීරසිංහ මහතා එවකට එම (DMS) සමාගම විසින් අලෙවි කරන ලද වැන්ග් කුඩා පරිගණක පද්ධති සඳහා සහාය ලබා දීමේ නිරත විය. චන්දන වීරසිංහ මහතා නායකත්වය ...
වැඩිදුර කියවන්න

නිරන්ජන් ද සිල්වා මහතා

නිරන්ජන් ද සිල්වා මහතා මෙට්‍රොපොලිටන් කම්පියුටර්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඔහුගේ පළමු උපාධිය එක්සත් රාජධානියෙන් ලබා ගත්තේය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ශාස්ත්‍රපති (MBA) උපාධියක් ලබා ඇත. නිරන්ජන් 1981 පෙබරවාරි මාසයේදී ඉංජිනේරුවෙකු ලෙස මෙට්‍රොපොලිටන් සමූහයට සම්බන්ධ විය. නිරන්ජන් මෙට්‍රොපොලිටන් සමාගමට සම්බන්ධ වන විට, බැංකු උපකරණ ලෙජර් කාඩ් සහ මුද්‍රණ යන්ත්‍ර සැපයීමේ ඒකාධිකාරිය තිබුණේ මෙට්‍රොපොලිටන් සමාගමටයි. 1982 දී ලංකා බැංකුව (BOC) ස්වයංකෘත (automate) කිරීමට තී...
වැඩිදුර කියවන්න

ලාල් චන්ද්‍රනාත් මහතා

ලාල් චන්ද්‍රනාත් මහතා සීමාසහිත ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ සහ ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් මෘදුකාංග තාක්ෂණ සමාගමේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයෙකි. 1978 දී සීමාසහිත ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් (DMS) සමාගමේ ආරම්භක කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු 2017 ජුනි මාසය දක්වා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළේය. 1981 දී සීමාසහිත ඩීඑම්එස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ආරම්භ කළ කණ්ඩායම් සාමාජිකයෙකු වූ ඔහු 2017 ජුනි දක්වා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළේය. පසුව 2014 දී චන්ද්‍රනාත් මහතා ඩී.එම්.එස්. සොෆ්ට්වෙයාර් ටෙක්නොලොජීස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ / සාමාන්‍යාධිකාරී ලෙස පත් කරන ලද අතර වේගවත් වර්ධනයට ඉඩ ස...
වැඩිදුර කියවන්න

ජගත් රණවක මහතා

කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ජගත් රණවක මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධියක් ලබා ගත්තේය. ඔහු 1985 වර්ෂයේ මැයි මාසයේ දී සීමාසහිත ජගත් රොබොටික්ස් (පුද්) සමාගම යන නමින් තමාගේ ම සමාගමක් ආරම්භ කළේය. පරිගණක දෘඪාංග නිෂ්පාදනය හා අලෙවිය, මෘදුකාංග සංවර්ධනය ආදි ක්ෂේත්‍රයන්හි නියැලුණු මෙම සමාගමේ කළමනාකාරිත්වය පිළිබඳ ව ඔහුට අවුරුදු තිහකට වැඩි අත්දැකීම් තිබේ. මෙම සමාගමේ කාර්ය මණ්ඩලයේ සිය දෙනෙකුට වැඩි පිරිසක් සේවය කළෝය. වෘත්තීය මෘදුකාංග විසඳුම් සකස් කිරීම අතින් රණවක මහතාට අවුරුදු තිහකට වැඩි පළපුරුද්දක් තිබේ. මේවාට අවශ්‍යතා හඳුනා ගැනීම, විශ්ලේෂණය, සැලසුම් කිරීම, ලේඛන ගත කිර...
වැඩිදුර කියවන්න

අභය අමරදාස මහතා

කොළම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අභය අමරදාස මහතා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) සාමාන්‍යාධිකාරී වේ. පාසලේ දී මුද්‍රණ ශිල්පය ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණු බැවින් අමරදාස මහතා ලේක්හවුස් ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කළ අතර 1980 දෙසැම්බර් මාසයේ එම රැකියාව ලැබුණි. ඔහුගේ වෘත්තිය උනන්දුව තිබුණේ චිත්‍රක කලාව හා මුද්‍රණ තාක්ෂණ ශිල්පය ගැනයි. අමරදාස මහතා ඔෆ්-සෙට් ලිතොග්‍රාෆ්, මුද්‍රණය සඳහා සැලසුම්, පිරිවැය හා ඇස්තමේන්තු කිරීම හා චිත්‍රක පුනර්-ඡායාරූපකරණය ඇතුළු මුද්‍රණ තාක්ෂණය පිළිබඳ තෘතීයික පාඨමාලා හදාරා තිබේ. මේ සඳහා ඔහු පළමු පන්තියේ ස්වර්ණ සම්මාන ද දිනා ගෙන ඇත. රජත සම්මාන...
වැඩිදුර කියවන්න

යසා කරුණාරත්න මහතා

යසා කරුණාරත්න මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේයි. 1967 වර්ෂයේ ලංකා විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබා ගත් ඔහු අවුරුදු දෙකක් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා හා ගණිත අංශවල සේවය කළේය. ඉන් පසු ඔහු බැඳුණේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවටයි. මෙය ඒ වන විට රටේ පරිගණකයක් තිබු එකම රාජ්‍ය ආයතනය වු අතර යසා කරුණාරත්න මහතා ඔහුගේ පරිගණක වෘත්තිය ජීවිතය ආරම්භ කළේ මෙහිදීය. 1970 වර්ෂයේ දී කරුණාරත්න මහතා ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට එක් වූ අතර 1971 ජන සංගණනය සැලසුම් කිරීමේ වගකීම දැරුවේ ඔහුයි. 1972 දී පද්ධති විශ්ලේෂකයෙකු ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බැදුණු කරුණාරත්න මහතා පසුව...
වැඩිදුර කියවන්න

ලක්ෂ්මන් හෙටිටිආරච්චි මහතා

    ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙක්, බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් හා නීතිඥයෙක් ද වේ. 1979 වර්ෂයේ මූල්‍ය හා පරිපාලන කළමනාකරු ලෙස අයිබීඑම් (IBM) සමාගමට බැදුණු ඔහු එහි ගිණුම් හා අයවැය සම්බන්ධ කටයුතුවල නිරත විය. පසුව අලෙවිකරණ ක්ෂේත්‍රයට පිවිසී හෙට්ටිආරච්චි මහතා අවසානයේ අයිබීඑම් ශ්‍රී ලංකා සමාගමේ දේශීය කළමනාකරු විය.       (more…)
වැඩිදුර කියවන්න

ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා

ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ සාන්ත බෙනඩික් විද්‍යාලයේ හා පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේය. පරිගණක පිළිබඳ ඔහුගේ උනන්දුව ඇති වූයේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක් ලෙස 1967 දී ප්‍රතිසම පරිගණකයක් භාවිතා කරමින් පැවරුමක් කිරීමට සිදු වූ අවස්ථාවේයි. බෙල්ජියන් රජයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් යටතේ 1979/80 දී ප්‍රනාන්දු මහතා තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ දී (AIT) පරිගණක යෙදුම් හා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේ ය. ඔහුගේ නිබන්ධයේ මාතෘකාව වූයේ “ශ්‍රී ලංකාවේ පරිගණක යෙදුම් සඳහා ඇති සම්පත් පිළිබඳ සමික්ෂණය“ යන්නයි. මෙහි ක්ෂේත්‍ර කටය...
වැඩිදුර කියවන්න