මහාචාර්ය පි. ඩබ්ලිව්. ඈපාසිංහ

මහාචාර්ය පි. ඩබ්ලිව්. ඈපාසිංහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වැඩබලන සභාපති හා සභාපති ලෙස කටයුතු කර ඇති අතර 2017 පෙබරවාරි වන තෙක් ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා විය.

ශිෂ්‍යයෙක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ මහාචාර්ය ඈපාසිංහ ගණිතය පිළිබඳ පළමු පන්තියේ විශේෂ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. එම වසරේ විද්‍යා පීඨයේ වැඩි ම ලකුණු ලබාගත් ශිෂ්‍යයා වීම නිසා ඔහුට විශේෂ විද්‍යා ශිෂ්‍යත්වයක් ලැබුණි. 1965 වසරේ දී ලන්ඩනයේ ඉම්පීරියල් කොලොජ් ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයේ මාතෘකාව වූයේ “ප්‍රති-රේඛීය ප්‍රමාණීකෘත ක්ෂේත්‍ර සුත්‍රණය“ (On the Formulation of Anti-Linear Quantized Fields) යන්නයි. 1965 වර්ෂයේදි ආපසු ලංකාවට පැමිණි ඔහුට ගණිත අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස උසස්වීමක් ලැබුණි. එවකට ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපය ලෙස හැඳින්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානි හා මහාචාර්ය ලෙස 1967 දී පත් කරන ලද එතුමා 1977/78 යුගයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කළේය.

1978 වර්ෂයේ දී ආපසු කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණි ඔහු ගණිත අංශයේ ප්‍රධානී ලෙස පත් කරන ලදී. මේ කාලයේ ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස ද සේවය කරමින් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සඳහා “තීරණ ගැනීමේ ප්‍රමාණාත්මක ශිල්ප ක්‍රම“ (Quantitative Techniques in Decision Making) පිළිබඳ පාඨමාලාවක් සැලසුම් කර ඉගැන්වූයේය. 1983, 1994 හා 1995 යන වර්ෂවල දී ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ අතර අවස්ථා ගණනාවක දී උප-කුලපති ලෙස ද සේවය කළේය.

මහාචාර්ය ඇපාසිංහ 1994 දී තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ සභාපති ලෙස පත් කරන ලද අතර 1997 දී ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සභාපති ලෙස පත් කරන ලදී. මහාචාර්ය වි. කේ. සමරනායක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිත්වය දැරූ කාලයේ මහාචාර්ය ඈපාසිංහ එහි මහමණ්ඩලයට එක්වූ අතර 2007 දි මහාචාර්ය සමරනායක අභාවප්‍රාප්ත වීමෙන් පසු එහි වැඩබලන සභාපති ලෙස පත් කරන ලදී. අවුරුදු තුනකට පසු මහාචාර්ය ඈපාසිංහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ධුරයට පත් කරන ලදී.

විශ්ව විද්‍යාල අංශයේ මෙන්ම විවිධ රජයේ ආයතනවල සේවය කරමින් රටේ සංවර්ධනයට දායකවීම සම්බන්ධයෙන් මහාචාර්ය ඈපාසිංහට විශිෂ්ට වාර්තාවක් තිබේ. මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති පදවිය දැරීමට එතුමා ඉතාම සුදුසු වූ අතර එම ආයතනයේ ප්‍රධාන කර්තව්‍යය වූ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී විශිෂ්ට නායකත්වයක් හා මග පෙන්වීමක් ලබා දුන්නේය. 2014 අග භාගයේ දී එතුමා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වුයේය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

මහාචාර්ය පි.ඩබ්ලිව් ඈපාසිංහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වැඩබලන සභාපති හා සභාපති ලෙස කටයුතු කර ඇති අතර 2017 පෙබරවාරි වන තෙක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා විය.

ශිෂ්‍යයෙක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ ඈපාසිංහ ගණිතය පිළිබඳ පළමු පන්තියේ විශේෂ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. එම වසරේ විද්‍යා පීඨයේ වැඩි ම ලකුණු ලබාගත් ශිෂ්‍යයා වීම නිසා ඔහුට විශේෂ විද්‍යා ශිෂ්‍යත්වයක් ලැබුණි. 1965 වසරේ දී ලන්ඩනයේ ඉම්පීරියල් කොලොජ් ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයේ මාතෘකාව වූයේ “ප්‍රති-රේඛීය ප්‍රමාණීකෘත ක්ෂේත්‍ර සුත්‍රණය“ (On the Formulation of Anti-Linear Quantized Fields) යන්නයි. 1965 වර්ෂයේදි ආපසු ලංකාවට පැමිණි ඔහුට ගණිත අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස පත්වීමක් ලැබුණි. එවකට ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපය ලෙස හැඳින්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානි හා මහාචාර්ය ලෙස 1967 දී පත් කරන ලද එතුමා 1977/78 යුගයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද සේවය කළේය.

1978 වර්ෂයේ දී ආපසු කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණි ඔහු ගණිත අංශයේ ප්‍රධානී ලෙස පත් කරන ලදී. මේ කාලයේ ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස ද සේවය කරමින් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සඳහා “තීරණ ගැනීමේ ප්‍රමාණාත්මක ශිල්ප ක්‍රම“ (Quantitative Techniques in Decision Making) පිළිබඳ පාඨමාලාවක් සැලසුම් කර පවත්වාගෙන ගියේය. 1983, 1994 හා 1995 යන වර්ෂවල දී ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ අතර අවස්ථා ගණනාවක දී උප-කුලපති ලෙස ද සේවය කර තිබේ.

මහාචාර්ය ඇපාසිංහ 1994 දී තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ සභාපති ලෙස පත් කරන ලද අතර 1997 දී ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සභාපති ලෙස පත් කරන ලදී.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මහාචාර්ය වි. කේ. සමරනායකගේ සභාපතිත්වය යටතේ 2006 මාර්තු 15 දින මහාචාර්ය ඈපාසිංහ එහි මහ මණ්ඩලයට එක් වූයේ ය. මෙම මණ්ඩලයේ ආරම්භයේදී ම තොරතුරු යටිතලය, රාජ්‍යය ප්‍රති-නිර්මාණය කිරීම හා ඉ-නීති යන ක්ෂේත්‍ර තුන නියෝජනය කළ රෙෂාන් දේවපුර මහතා, වසන්ත දේශප්‍රිය මහතා හා ජයන්ත ප්‍රනාන්දු මහතා යන අයගෙන් සමන්විත නායකත්ව කණ්ඩායමක් පත් කරන ලදී. මහමණ්ඩලය විසින් දේවපුර මහතා පළමු ව ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙසත් පසුව ප්‍රධාන විධායක නිලධාරි ලෙසත් පත් කරන ලද නමුත් ඔහු දිගටම නායකත්ව කණ්ඩායමේ කටයුතු කළේය.

2007 දි මහාචාර්ය සමරනායක අභාවප්‍රාප්ත වීමෙන් පසු මහාචාර්ය ඈපාසිංහ එහි වැඩබලන සභාපති ලෙස පත් කරන ලදී. මහාචාර්ය ඈපාසිංහ ඉතා දිර්ඝ කාලයක් වැඩබලන සභාපති ලෙස කටයුතු කළ අතර පසුව මහමණ්ඩලයේ බලවත් ඉල්ලීම මත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති තනතුර භාර ගත්තේය.

මහාචාර්ය ඈපාසිංහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩබලන සභාපති හා සභාපති ලෙස කටයුතු කළ කාලය තුළ බොහෝ සන්ධිස්ථාන ළඟා කර ගැනීමට හැකිවූ අතර එයින් කීපයක් පහත දැක්වේ.

– දහස්වැනි (1000) නැණසල මධ්‍යස්ථානය 2014 දී පිහිටුවන ලදී. රට පුරා නැණසල මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලද්දේ තොරතුරු හා සන්නිවේදන යටිතල පහසුකම් හා තාක්ෂණය පහසුවෙන් ලබා දීමත් ඩිජිටල් පරතරය නැති කිරීමත් සහතික කිරීම සඳහායි. මෙම බහු සේවා මධ්‍යස්ථානවලින් තොරතුරු හා සන්නිවේදන සේවා සැපයුණු අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ ලබා ගැනීම දුෂ්කර වූ ප්‍රජාවන්ට මේ මධ්‍යස්ථානවලින් එවැනි සේවා පහසුවෙන් ලබා ගත හැකි වූයේය.

– ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක කළ ලංකා රාජ්‍ය ජාලය (LGN) රජයේ ආයතන සම්බන්ධ කරමින් හා සම්පත් අපතේ යෑම වළක්වමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාවට ලබා දුන්නේය. මේ යටතේ රජයේ ආයතනවලට අන්තර්ජාල පහසුකම්, අන්තර්ජාල දුරකථන (VoIP) පහසුකම් හා ඉ-තැපැල් පහසුකම් ද ලබා දෙන ලදී.

– එක්සත් ජාතීන්ගේ ඉ-රාජ්‍ය දර්ශකයට අනුව රටවල් 192 අතරෙන් 2012 වර්ෂයේදි 115 වන ස්ථානයේ තිබූ ශ්‍රී ලංකාව 2014 වන විට 74 වැනි ස්ථානයට පැමිණ තිබේ. මෙය ප්‍රතිශතම ස්ථාන අනුව 38.5%ක් වන අතර ඉ-රාජ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන රටවල් අතර ඉහළම 40% අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබේ.

– කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යායතනය, මොරටුව විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ආදි පාර්ශව කරුවන් සමග ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම ක්ෂේත්‍රයේ සිංහල හා දෙමළ භාෂා භාවිතයට ගැනීමට ද ක්‍රියා කළේය. යුනිකෝඩ් දේශීය භාෂා ෆොන්ට හා යතුරු පුවරු ධාවක ආදිය නිපදවන ලද අතර සාකච්ඡාමය ක්‍රියා මාර්ගයක් තුළින් ශ්‍රී ලංකාව සඳහා සිංහල හා දෙමළ භාෂාවෙන් ඉහළම මට්ටමේ වසම් නාම (ccTLDs) ලබා ගැනීමට ද කටයුතු කරන ලදී. මේවාට ජාත්‍යන්තර (ICANN) අනුමැතිය ලැබී ඇති අතර ඒවා අන්තර්ජාල මූල කලාපයේ ක්‍රියාත්මක වේ. දේශීයකරණය සාර්ථකව නිම කර ඇති අතර දේශීය භාෂා අවශ්‍යතාවන්ට අනුව ශ්‍රී ලංකාවේ පරිගණන පරිසරය සකස් වී තිබේ.

– නැණසල මධ්‍යස්ථානවල තිරසර පැවැත්මට දායකත්වයක් ලබා දිය හැකි ආකාරයට අන්තර්ගතය හා අදාළ සේවාවන් දේශීය භාෂාවලින් සැපයීමට විශාල ප්‍රයත්නයක් දරණ ලද අතර දේශීය භාෂාවලින් ලබා ගත හැකි සේවාවන්ගේ ලැයිස්තුවක් පිළියෙල කර නිකුත් කරන ලදී.

– හොඳ ම අන්තර්ගතය සඳහා වු ජාතික සම්මාන- ඉ-ස්වාභිමානි සම්මාන උළෙල වර්ෂ ගණනාවක් තිස්සේ පවත්වා තිබේ. ඉ-ස්වාභිමානි සම්මාන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රයත්නයක් වන අතර එහි අරමුණ වූයේ ඩිජිටල් අන්තර්ගත නිර්මාණවල විශිෂ්ටත්වයට පිළිගැනීමක් ලබා දීමයි. ජංගම ලෝක සමුළු සම්මාන (World Summit Award Mobile) ජූරියේ සාමාජිකයෙක් ලෙස ඒ සඳහා ඉදිරිපත් කරන යෝජනා විනිශ්චය කිරීමට ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සම්බන්ධ විය.

මේ අනුව මහාචාර්ය ඈපාසිංහ විශ්ව විද්‍යාල පද්ධතියට හා රජයේ ආයතනවල සේවය කිරීම වෙනුවෙන් මුළු ජීවිත කාලය ම කැප කළ අතර 2014 දී එතුමා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වූයේ ය.