ආචාර්ය කාවන් රත්නතුංග (ආචාර්ය කාවන්) කොළඹ රාජකීය විද්‍යාලයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ඔහු 1976 දී භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් (පළමු පන්තියේ ගෞරව උපාධියක්) ලබා ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේදී තාරකා විද්‍යාව හැදෑරූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන් තාරකා විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබා ගත්තේය. ඉන්පසුව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු නැවතත් ඇමරිකාවට ගියේය. ප්‍රින්ස්ටන්හි උසස් අධ්‍යයන ආයතනයේ දී ඔහුට 1984 දී ප්‍රථම වරට ඉ- තැපැල් ලිපිනයක් ලැබුණි. ප්‍රින්ස්ටන් සිට ආචාර්ය කාවන් කැනඩාවේ ඩොමීනියන් තාරකා භෞ...
Read More
අන්තර්ජාලය හා තොරතුරු සුරක්ෂිතතාව
සිරි සමරක්කොඩි මහතා
සිරි සමරක්කොඩි මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ ය. පාසලේ ගුවන් විදුලි සමාජයේ ලේකම් වූ ඔහුට ඉලෙක්ට්රොනිකික විද්‍යාව ගැන මුලින්ම උනන්දුවක් ඇතිවූයේ මෙහිදීය. ඔහු එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයකින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගෙන තිබේ. සමරක්කොඩි මහතා ශ්‍රී ලංකාවට ජංගම දුරකථන හඳුන්වාදීමේ පුරෝගාමියෙකි. සෙල්ටෙල් ලංකා සමාගමේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරියා වූ ඔහු බලපත්‍ර ලබා දීමේ සාකච්ඡාවලට හා තාක්ෂණික අංශයන්ට සම්බන්ධ විය. ශ්‍රී ලංකාවේ පළමු වාණිජ වෙබ් අඩවිය වන www.lanka.net ආරම්භ කළ ලංකා ඉන්ටර්නෙට් සමාගම පිහිට...
Read More
මහාචාර්ය රොහාන් සමරජීව
මහාචාර්ය රොහාන් සමරජිව 1998-99 දී ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අධ්යක්ෂ ජනරාල්වරයා විය. ඔහුගේ පාලන කාලය තුළ නියාමන පරිසරයක් බිහි වූ අතර තරඟකාරී විදුලි සංදේශ අංශයක් සඳහා අඩිතාලම දමන ලදී. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සංවර්ධනයට බලපා ඇති විදුලි සංදේශ ප්‍රතිසංස්කරණ සඳහා ඔහු සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. 2002 - 2004 කාලය තුළ මහාචාර්ය සමරජීව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ කණ්ඩායම් නායකයා වූ අතර ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන සැලසුම් කිරීමට සහභාගී විය. 2003 සිට 2005 දක්වා තොරතුරු හා සන්නිව...
Read More
ලාල් ඩයස් මහතා
ලාල් ඩයස් මහතා වරලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් මෙන් ම බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් ද වෙයි. එක්සත් රාජධානියේ හා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ ඒ මහතා මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධියක් ද මර්ඩොක් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන තිබේ. ඔහු අවුරුදු 25කට වැඩි කාලයක් බැංකු ක්ෂේත්රයේ කටයුතු කර ඇත.
ලංකාවට පැමිණ හැටන් නැෂනල් බැංකුවට සම්බන්ධ වීමට පෙර යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ ප්‍රංශ බැංකුවක (Societe Generale) සේවය කළ ලාල් ඩයස් මහතාට පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka C...
Read More
මහාචාර්ය ගිහාන් ඩයස්
කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ගිහාන් ඩයස් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉන්ජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. කැලිෆෝනියා (ඩේවිස්) විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ මහාචාර්යවරයෙක් වේ. .LK වසම් (.LK Domain Registry) අධිකාරියේ සමාරම්භක හා ප්‍රධාන විධායක නිලධාරියා වන ඔහු 1990 පමණ සිට ඉහළ මට්ටමේ වසම් (TLD) කළමනාකරණ කටයුතුවල නියැලී සිටි.
ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) පිහිටුවීමේත්, ක්‍රියාත්මක කිරීමේත් පුරෝගාමියෙක් වන මහාචාර්ය ගිහාන් ඩයස්, ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්, ගුරුවරුන් හා වෘත්තිකයන්ගේ ලාභ නො ලබ...
Read More
මහාචාර්ය අභය ඉඳුරුව
මහාචාර්ය අභය ඉඳුරුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රයට අවතීර්ණ වූයේ 1973 වර්ෂයේ, දැන් මොරටුව විශ්ව විද්‍යාලය යනුවෙන් හඳුන්වන එවකට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපයේ ශිෂ්‍යයෙක් ව සිටි අවදියේයි. පසුව ඔහු ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යායතනයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේය.
මහාචාර්ය අභය ඉඳුරුව හඳුන්වනු ලබන්නේ “ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පියා“ ලෙසයි. ඔහු විසින් හඳුනා ගෙන ඇති, උත්සාහ දරා ඇති හා ක්‍රියාත්මක කර ඇති කටයුතු, ශ්‍රි ලංකාවේ අන්තර්ජාල කේෂ්ත්‍රය තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. අනූවේ දශකයේ දී “ලංකා පරීක්ෂණාත්මක අධ්‍යයන හා පර්යේෂණ ජාලය“ (LEARN) ස්ථාපිත කිරීම එක් ප්‍රධාන පියවරක් වේ. ලබ...
Read More