අප ගැන

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සංවර්ධනයේ ඉතිහාසය වාර්තා කිරීමයි. මෙම වෙබ් අඩවිය තුළින් අපි රටේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සංවර්ධනයේ වැදගත් අදියර පිළිබඳ මතක සටහන් එකතු කරමු. ඔවුන්ගේ කටයුතු පිළිබඳ කිසිම ආකාරයක ලේඛනගත වාර්තාවක් නැති අයගේ ජයග්‍රහණ සහ අත්දැකීම් පිළිබඳ මතකයන් වීඩියෝ සම්මුඛ සාකච්ඡා තුළින් පටිගත කිරීම මෙහි දී අපේක්ෂා කෙරේ. මෙය සමස්තයක් වශයෙන් ගත් විට ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සංවර්ධනයේ පූර්ණ ඉතිහාසයට එකතු වූ පුද්ගලික අත්දැකීම් සහ ජයග්‍රහණ පිළිබඳ වාර්තාවක් වනු ඇත. සුවිශේෂී ජයග්‍රහණ ලැබූ අයගේ පෞද්ගලික අත්දැකීම් පිළිබඳ වාචික වාර්තා සිසුන්ට සහ පර්යේෂණ සඳහා වැදගත් වන අතර විශේෂයෙන්ම අනාගත පරපුර සඳහා මෙම ඉතිහාසය ලේඛන ගත කිරීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ අනෙකුත් අංශ සමඟ එකට ගැලපෙන ආකාරයට මෙවැනි ලේඛනගත කිරීමක් ඉතා වැදගත් වේ. මෙම වාර්තා, හැට ගණන්වල අග භාගයේ සිට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහනේ අවසානය දක්වා වූ දශක හයක කාලයක් දක්වා විහිදෙයි.

මෙවැනි කටයුත්තක අවශ්‍යතාව මුලින්ම අවබෝධ කර ගත්තේ මහාචාර්ය ගිහාන් ඩයස් ය. එවකට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) වැඩසටහන් අධ්‍යක්ෂවරයකු වූ මහාචාර්ය ඩයස් 2004 වර්ෂයේ දී පමණ මෙම අදහස ඉදිරිපත් කළ නමුත් අවාසනාවකට මෙන් මෙම ව්‍යාපෘතිය එදා ක්‍රියාත්මක වූයේ නැත. මේ අතර තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වු මහාචාර්ය වී කේ සමරනායක සහ ආචාර්ය ආර් බී ඒකනායක වැනි අය අභාවප්‍රාප්ත වී ඇත.

මෙම ව්‍යාපෘතියට දැන් අනුග්‍රහය දක්වනු ලබන්නේ ලංකා වසම් ලේඛකාධිකාරිය (LKNIC) විසිනි. පහත සඳහන් කර ඇති අංශ යටතේ වීඩියෝ පටිගත කිරීම් සිදු කෙරේ.

ගෙවීම් පද්ධති, බලදායී ප්‍රතිපත්ති සහ නීතිමය පරිසරය, කර්මාන්ත, අන්තර්ජාලය සහ සයිබර් ආරක්‍ෂාව, භාෂා තාක්‍ෂණය සහ අධ්‍යාපනය සහ පුහුණුව ආදියයි.

ව්‍යාපෘති කාණ්ඩායම

මහාචාර්ය ගිහාන් ඩයස් – ව්‍යාපෘති අධ්‍යක්ෂක-
අරුණි කේ. ගුණතිලක මිය – කණ්ඩායම් නායකත්වය
චමිල ලියනගේ මහතා – වීඩියෝ පටිගත කිරීම සහ සංස්කරණය
චාමලී පෙරේරා මිය – වෙබ් අඩවි සැකසුම