මුල් පිටුව

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනය පිළිබඳ කථාවේ වැදගත් සන්ධිස්ථාන ළඟා කර ගැනීමට ඉවහල් වූ අයගේ මතක සටහන් මෙම අඩවියේ අඩංගුවේ. මෙහි සඳහන් වන්නේ දශක පහක් පමණ අතීත කථාවකි. ඒ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා මහ බැංකුව, රක්ෂණ සංස්ථාව, ඛනිජ තෙල් සංස්ථාව, ඒඑම්එස් ඩේටා සර්විසස් (AMS Data Services), වෝර්කර්ස් (Walkers) සමාගම ආදි ආයතන ගණනාවක් පරිගණක භාවිතයට ගැනීම ආරම්භ කළ එක් දහස් නවසිය හැට ගණන්වල සිට ශ්‍රී ලංකාව පුරා පරිගණක භාවිතය පැතිරී ඇති 2014 අවසානය දක්වා කාල පරිච්ඡේදයයි.                        

මෙය ලංකා වසම්නාම ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ (LK Domain Registry) ව්‍යාපෘතියක් වන අතර වැඩිදුර සංවර්ධනය සඳහා අවශ්‍ය වූ සන්ධිස්ථාන කරා ළඟා වීම සහතික කිරීමට වෙහෙස වූ අය සමග පැවැත්වූ විස්තරාත්මක සම්මුඛ සාකච්ඡා මෙහි ඇතුළත් වේ. ඒවා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ විවිධ ජයග්‍රහණ ලබා ගත් අයගේ පෞද්ගලික මතක සටහන් හා අදහස් වේ.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අත හිත දුන් අය සමග පැවති සම්මුඛ සාකච්ඡා මෙහි අඩංගු වේ.

මෙම පුරෝගාමීන්ගේ ප්‍රයත්නයන් හා ඔවුන් ලබාගත් ජයග්‍රහණයන් මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාට ම දැනගත හැකි ආකාරයට වාර්තා කර තැබීම සඳහා සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී වෙමින් සහාය දැක්වු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙමු.

ක්ෂේත්‍ර

සන්ධිස්ථාන දර්ශකය

සම්පත් දර්ශකය

නවතම ලිපිය

මහාචාර්ය සෑම් කරුණාරත්න
මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස වසර 33ක් හා එහි උපකුලපති ලෙසද කටයුතු කළ මහාචාර්ය සෑම් කරුණාරත්න මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ආරම්භක සභාපතිවරයා වූ අතර එම තනතුරේ වසර 15ක් සේවය කර වයස අවුරුදු 80 දී විශ්‍රාම ගත්තේය.         

වැඩිදුර කියවන්න…