ආචාර්ය කාවන් රත්නතුංග (ආචාර්ය කාවන්) කොළඹ රාජකීය විද්‍යාලයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ඔහු 1976 දී භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් (පළමු පන්තියේ ගෞරව උපාධියක්) ලබා ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේදී තාරකා විද්‍යාව හැදෑරූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන් තාරකා විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබා ගත්තේය. ඉන්පසුව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු නැවතත් ඇමරිකාවට ගියේය. ප්‍රින්ස්ටන්හි උසස් අධ්‍යයන ආයතනයේ දී ඔහුට 1984 දී ප්‍රථම වරට ඉ- තැපැල් ලිපිනයක් ලැබුණි. ප්‍රින්ස්ටන් සිට ආචාර්ය කාවන් කැනඩාවේ ඩොමීනියන් තාරකා භෞ...
වැඩිදුර කියවන්න
Author: ichitsty2
සිරි සමරක්කොඩි මහතා
සිරි සමරක්කොඩි මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ ය. පාසලේ ගුවන් විදුලි සමාජයේ ලේකම් වූ ඔහුට ඉලෙක්ට්‍රොනිකික විද්‍යාව ගැන මුලින්ම උනන්දුවක් ඇතිවූයේ මෙහිදීය. ඔහු එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයකින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගෙන තිබේ. සමරක්කොඩි මහතා ශ්‍රී ලංකාවට ජංගම දුරකථන හඳුන්වාදීමේ පුරෝගාමියෙකි. සෙල්ටෙල් ලංකා සමාගමේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරියා වූ ඔහු බලපත්‍ර ලබා දීමේ සාකච්ඡාවලට හා තාක්ෂණික අංශයන්ට සම්බන්ධ විය. ශ්‍රී ලංකාවේ පළමු වාණිජ වෙබ් අඩවිය වන www.lanka.net ආරම්භ කළ ලංකා ඉන්ටර්නෙට් සමාගම පිහිට...
වැඩිදුර කියවන්න
මහාචාර්ය රොහාන් සමරජීව
මහාචාර්ය රොහාන් සමරජිව 1998-99 දී ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. ඔහුගේ පාලන කාලය තුළ නියාමන පරිසරයක් බිහි වූ අතර තරඟකාරී විදුලි සංදේශ අංශයක් සඳහා අඩිතාලම දමන ලදී. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සංවර්ධනයට බලපා ඇති විදුලි සංදේශ ප්‍රතිසංස්කරණ සඳහා ඔහු සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. 2002 - 2004 කාලය තුළ මහාචාර්ය සමරජීව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ කණ්ඩායම් නායකයා වූ අතර ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන සැලසුම් කිරීමට සහභාගී විය. 2003 සිට 2005 දක්වා තොරතුරු හා සන්නිව...
වැඩිදුර කියවන්න
ජනක ද සිල්වා මහතා
ජනක ද සිල්වා මහතා පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව හා ගණිතය හදාරා 1966 දී උපාධිය ලබා ගත්තේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය ලබා ඇති ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CA Sri Lanka), වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකි. ජනක ද සිල්වා මහතාගේ පරිගණක ඇසුර ආරම්භ වූයේ 1978 දී ලංකා බැංකුවේ මෙහෙයුම් පරිගණක ගත කිරීමේ කාර්යය ඔහුට පැවරීමත් සමගයි. පසුව ජනක ද සිල්වා මහතා ආරම්භක සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී ලෙස සම්පත් බැංකුවට සම්බන්ධ වූ අතර එහිදී බහු-ස්ථාන ස්...
වැඩිදුර කියවන්න
බාලචන්ද්‍රන් ඥානසේකරෙයර් මහතා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ දේශීය භාෂා සම්බන්ධයෙන් සිදුවූ ප්‍රධාන වර්ධනයන් සඳහා බාලචන්ද්‍රන් ඥානසේකරෙයර් මහතා විශාල දායකත්වයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) උපදේශකයෙකු ලෙස ඔහු 2006 දී දෙමළ යතුරුපුවරුව ප්‍රමිතිගත කිරීමේ කටයුතු ආරම්භ කළේය. දෙමළ යතුරුපුවරුවේ පිරිසැලැස්ම, යතුරුවල අනුක්‍රමය, යුනිකෝඩ් ප්‍රමිතියට අනුකූලව දෙමළ අක්ෂර කේතනය කිරීම සහ දෙමළ සඳහා පරිතුලන අනුක්‍රමයක් ඇතුළත් දෙමළ භාෂාව සඳහා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම සඳහා ඔහු කටයුතු කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින්...
වැඩිදුර කියවන්න
එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්)
එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්) පසුගිය වසර 19 ක් තිස්සේ මෘදුකාංග කර්මාන්තයේ නියැලී සිටින ප්‍රවීණ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකි. ජංගම දුරකථන තාක්‍ෂණය පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු පසුගිය දශකය තුළම අවධානය යොමු කර ඇත්තේ එයටයි. ඇන්ඩ්‍රොයිඩ්, අයිඕඑස් .නෙට්, ජාවා සහ මිඩ්ල්වෙයාර් ආදියේ නිපුණතාව ඇති ඔහුට විදුලි සංදේශ මෘදුකාංග සංවර්ධනය පිළිබඳ මනා දැනුමක් තිබේ. ඉන්දියාවේ ට්‍රිචි හි භාරතීදාසන් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලබා ඇති ඔහු දැනට “එම්බ්‍රේන් ටෙක්නොලොජීස් (mBrain Technologies) සමාගමේ ප්‍රධාන විධායක සහ ප්‍රධාන නිර්මාණ ශිල්පියාද වේ.
ෂාන් ශ්‍රී ලංකාවේ තොරතු...
වැඩිදුර කියවන්න
රොහාන් මානමුදලි මහතා
රොහාන් මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතා සමඟ 1994 දී සයන්ස් ලෑන්ඩ් කෝපරේෂන් (පුද්) සමාගම ආරම්භ කරන ලද අතර එය දේශීය භාෂා පරිගණකකරණය සඳහාම කැප වූ සමාගමක් විය. ශ්‍රී ලංකාවේ දේශීය භාෂා පරිගණකකරණයට විශාල බලපෑමක් කළ ත්‍රිභාෂා වචන සකසනය වන ‘තිබස්’ පැකජයේ සම-සංවර්ධකයින් වූයේ මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතායි. මෙය ඉංග්‍රීසි බස නො දැනීම නිසා බොහෝ දෙනෙක් පරිගණක භාවිතා කිරීමට මැලි වූ කාලයක් විය. ශ්‍රී ලංකාවේ ජනයාට පරිගණක භාවිතා කිරීමට විශාල බාධාවක් වූයේ භාෂාවයි. ‘තිබස්’ මෙම හිඩැස පිරවූ අතර මේ නිසා සිංහල පමණක් දත් අයට පද සකසන භාවිතා කිරීමට හැකි වූයේය. රොහාන් මානමුදාලි මොරටුව විශ්ව විද්‍යාලයේ ...
වැඩිදුර කියවන්න
නීල් ගුණදාස මහතා
නීල් ගුණදාස මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (B.Sc) උපාධියක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, , කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් (NIE) අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (M.Sc) උපාධියක්ද ලබා ගෙන තිබේ.
නීල් ගුණදාස මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත කළමනාකරණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ (SLEAS-I) වේ. ඔහුගේ එක් ප්‍රධාන වගකීමක්...
වැඩිදුර කියවන්න
මහාචාර්ය ලලිත් ගමගේ
මහාචාර්ය ලලිත් ගමගේ මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවට ඇතුළු වූයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ය. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ බව මහාචාර්ය ලලිත් ගමගේ පවසයි. උපාධිය ලැබීමෙන් පසු ලලිත් ගමගේ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ අලුතින් පිහිටුවන ලද පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවට උපදේශකයෙකු ලෙස සම්බන්ධ විය. ලලිත් ගමගේට ලයිස්ටර් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් මෙකට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර...
වැඩිදුර කියවන්න
චන්දන වීරසිංහ මහතා
චන්දන වීරසිංහ මහතා ඩී.එම්.එස්. ඉලෙක්ට්‍රොනික්ස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරීවරයායි. ඔහු නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චන්දන පළමු වරට පරිගණක පද්ධති හා සම්බන්ධ වූයේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙතු ලෙස සිටියදීය. ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමට ඔහු සමත් විය. උපාධිය ලැබීමෙන් පසු චන්දන 1984 දී දත්ත කළමනාකරණ පද්ධති (DMS) සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස සම්බන්ධ විය. ඉන් අනතුරුව චන්දනා වීරසිංහ මහතා එවකට එම (DMS) සමාගම විසින් අලෙවි කරන ලද වැන්ග් කුඩා පරිගණක පද්ධති සඳහා සහාය ලබා දීමේ නිරත විය.
චන්දන වීරසිංහ මහතා නායකත්වය ...
වැඩිදුර කියවන්න