ලක්ෂ්මන් හෙටිටිආරච්චි මහතා


 

 

ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙක්, බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් හා නීතිඥයෙක් ද වේ. 1979 වර්ෂයේ මූල්‍ය හා පරිපාලන කළමනාකරු ලෙස අයිබීඑම් (IBM) සමාගමට බැදුණු ඔහු එහි ගිණුම් හා අයවැය සම්බන්ධ කටයුතුවල නිරත විය. පසුව අලෙවිකරණ ක්ෂේත්‍රයට පිවිසී හෙට්ටිආරච්චි මහතා අවසානයේ අයිබීඑම් ශ්‍රී ලංකා සමාගමේ දේශීය කළමනාකරු විය.

 

 

 

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙක්, බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් හා නීතිඥයෙක් ද වේ. 1979 වර්ෂයේ මූල්‍ය හා පරිපාලන කළමනාකරු ලෙස අයිබීඑම් (IBM) සමාගමට බැදුණු ඔහු එහි ගිණුම් හා අයවැය සම්බන්ධ කටයුතුවල නිරත විය. පසුව අලෙවිකරණ ක්ෂේත්‍රයට පිවිසි හෙට්ටිආරච්චි මහතා අවසානයේ අයිබීඑම් ශ්‍රී ලංකා සමාගමේ (IBM, Sri Lanka) දේශීය කළමනාකරු විය.

ශ්‍රී ලංකාවේ අයිබීඑම් සමාගමට එක්වීමට පෙර ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා අවරුදු හතරකට වැඩි කාලයක් සැම්බියාවේ පරිගණක කටයුතුවල නිරත වී තිබේ. ඒ අලෙවි ශාඛා දහතුනක හා කර්මාන්ත ශාලා දෙකක කටයුතු වලට සහාය වූ IBM S/370 පද්ධතියක් කළමනාකරණය කරමිනි. ආපසු ලංකාවට පැමිණීමෙන් පසු හෙට්ටිආරච්චි මහතාට පෙනී ගියේ අයිබීම් කාර්යාලයේත් පරිගණකයක් නො තිබූ බවයි. එම කාර්යාලයට පරිගණකයක් ලබා ගත්තේ හෙට්ටිආරච්චි මහතා සම්බන්ධ වී අවුරුදු දෙකකට පමණ පසුවයි. මුලින් තිබුණේ ඉතාම මූලික පද්ධතියක් වන අතර පසුව IBM S/360 යන්ත්‍රයක් ලබා ගන්නා ලදී. මීට පෙර රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ (ICL 1901) වොර්කර්ස් සමාගමේ හා චන්ඩි විජේසේකර මහතා නායකත්වය දුන් ඇසෝෂියේටඩ් මැනෙජ්මන්ට් සිස්ටමස් (AMS) සමාගමේ පරිගණක සවි කර තිබුණි.

මේ කාලයේ අයිබීඑම් සමාගම විසින්, රක්ෂණ සංස්ථාව, ඛනිජ තෙල් සංස්ථාව ආදි රාජ්‍ය අංශයේ ආයතනවලට පරිගණක සපයන ලදී. මෙම රටට තාක්ෂණය ගෙන ඒමේ දී IBM/360 මාලාවේ සිට එක් වරම IBM/4300 පරාසයේ පරිගණකවලට මාරු වූ බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. විශාල පද්ධතිවල සිට පුද්ගලික පරිගණකවලට මාරු වූ ආකාරයත් ඒවා භාවිතයට ගැනීමේ දී දැක්වූ ප්‍රවීණත්වයත් ඔහු සිහිපත් කරයි.

ඔහු සිහි කරන තවත් වැදගත් කරුණක් නම් අයිබීඑම් සමාගම 1962 දී ශ්‍රී ලංකාවට පැමිණියේ එවකට සිටි අගමැතිනියගේ ආරාධනය මත බවයි. මේ වෙනත් විදේශීය සමාගම් රටෙන් පිටවී යන කාලයකයි. මේ වන විට රක්ෂණ ව්‍යාපාරය ජන සතු කර තිබූ අතර රක්ෂණ ඔප්පු සම්බන්ධ දත්ත කළමනාකරණයේ විවිධ ගැටලු පැන නැගි තිබුණි. මෙය විසඳා ගැනීමට ආධාර පැතූ ඉන්දියානු සමාගම නිර්දේශ කර තිබුණේ දත්ත පරිගණක ගත කිරීමයි. දත්ත ඇතුළු කිරීමේ යන්ත්‍ර මගින් මෙම දත්ත කාඩ්පත්වලට ගෙන සැකසීම සඳහා ඉන්දියාවට යවන ලදී. ප්‍රතිඵල ලැබුණේ දත්ත එහි සැකසීමෙන් පසුවයි.

ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා ලංකා වසම් රෙජිස්තරයේ (.LK Domain Registry) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන අතර ඔහුගේ වගකීම් වන්නේ මූල්‍ය කටයුතු සමාලෝචනය කර අවශ්‍ය උපදෙස් ලබා දීමයි. මේ සම්බන්ධයෙන් මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ලබා ඇති ජයග්‍රහණ තමා ඉතා අගය කරන බව හෙට්ටිආරච්චි මහතා කියා සිටී.