බලදායීකිරීමේ පරිසරය

කෝලිත ධර්මවර්ධන මහතා

කෝලිත ධර්මවර්ධන මහතා 1986 දී තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත් විය. ඔහු නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළේ ය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්වගාමියා වූ තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) විසින් "පරිගණක සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් රටේ නීති පද්ධතියට හඳුන්වා දිය යුතු ක්‍රම යෝජනා සකස් කිරීම සහ ඒවා නීතිගත කිරීමට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම..." සඳහා නීතිය සහ පරිගණක පිළිබඳ කමිටුව පිහිටුවන ලදී. තොරතුරු තාක්ෂණ භාවිතය තුළින් මතු විය හැකි නව වතාවරණය සමග කටයුතු කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා සාක්ෂි නීතිය සමාලෝචනය කි...
වැඩිදුර කියවන්න

මංජු හත්තොටුව මහතා

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු මංජු හත්තොටුව මහතා ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයෙන් විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් ලබා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක්ද ද ලබා ගෙන තිබේ. කොටස් හුවමාරු මෘදුකාංග කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන මිලේනියම් අයිටී (MIT) හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ඔහු මිලේනියම් අයිටී (MIT) ආයතනයේ තොරතුරු තාක්‍ෂණයට සම්බන්ධ වීම තුළින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා වූ ඔහුගේ උනන්දුව වැඩිවූ බව හත්තොටුව මහතා පවසයි. ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නිය...
වැඩිදුර කියවන්න

ජයන්ත ප්‍රනාන්දු මහතා

නීතිඥයෙක් වන ජයන්ත ප්‍රනාන්දු මහතා අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කර තිබේ. තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන නීති පිළිබඳ ව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන ඇති ඔහු බුඩාපෙස්ට් සයිබර් අපරාධ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව එක් කිරීමට හා එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කීරීම ආදි කටයුතුවලට නායකත්වය දුන්නේය. මේ දෙක ම දකුණු ආසියානු රටවල් අතරින් පළමු වරට සිදු වූයේ ශ්‍රී ලංකාවේයි. ජයන්ත ප්‍රනාන්දු මහතාගේ විශේෂඥ දැනුම පුළුල් පරාසයක විහිදෙයි. ඒවා අතර තොරතුරු සුරක්ෂිතතාව, සයිබර් අපරාධ, බුද්ධි...
වැඩිදුර කියවන්න

මහාචාර්ය පි. ඩබ්ලිව්. ඈපාසිංහ

මහාචාර්ය පි. ඩබ්ලිව්. ඈපාසිංහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වැඩබලන සභාපති හා සභාපති ලෙස කටයුතු කර ඇති අතර 2017 පෙබරවාරි වන තෙක් ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා විය. ශිෂ්‍යයෙක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ මහාචාර්ය ඈපාසිංහ ගණිතය පිළිබඳ පළමු පන්තියේ විශේෂ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. එම වසරේ විද්‍යා පීඨයේ වැඩි ම ලකුණු ලබාගත් ශිෂ්‍යයා වීම නිසා ඔහුට විශේෂ විද්‍යා ශිෂ්‍යත්වයක් ලැබුණි. 1965 වසරේ දී ලන්ඩනයේ ඉම්පීරියල් කොලොජ් ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයේ මාතෘකාව වූයේ “ප්‍රති-රේඛීය ප්‍රමාණීකෘ...
වැඩිදුර කියවන්න

ඉරාන් වික්‍රමරත්න මහතා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණ හා රජයේ ඉහළම තොරතුරු තාක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ආරම්භක සභාපතිවරයා වූයේ ඉරාන් වික්‍රමරත්න මහතායි. ඔහු 2002 වර්ෂයේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ උපදේශකයෙක් වූ අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ස්ථාපිත කිරීම හා ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන සකස් කිරීමේ දී විශේෂ කාර්ය භාරයක් ඉටු කළේය. ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ලෝකයේ පළමුවැනි වරට ලෝක බැංකුව සම්බන්ධ වූ පූර්ණ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය බැවින් එය පුරෝගාමි ව...
වැඩිදුර කියවන්න

මහාචාර්ය වී.කේ. සමරනායක

මහාචාර්ය සමරනායක කොළම විශ්ව විද්‍යාලයෙන් 2004 දී විශ්‍රාම ගත්තේ අවුරුදු 43ක දීර්ඝ හා ඉතා ගෞරවනීය සේවයකින් පසුවයි. පරිගණක විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ධුරයක් පිරිනමා කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභාව හා මහා මණ්ඩලය විසින් එතුමාට ගෞරව දක්වන ලදී. වී. ඩබ්ලිව් සමරනායක යුවලගේ පුතු ලෙස වන්නිආරච්චිගේ කිත්සිරි සමරනායක කොළඹ දී උපත ලැබුවේ 1939 මැයි 22 දිනයි. ඔහුගේ පියා රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ විදුහල්පති වූ අතර මව ද එම පාසලේ ගුරුවරියක් වූවාය. මෙම පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ කිත්සිරි සමරනායක 1948 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. තරඟකාරි විභාගයට මුහුණ දීමෙන් පසු 1950 දී ඔහුට රාජකීය විද්‍ය...
වැඩිදුර කියවන්න

මහාචාර්ය මොහාන් මුණසිංහ

පරිගණක හා තොරතුරු තාක්ෂණය පිළිබඳ රජයේ ප්‍රමුඛ ආයතනය ලෙස 1984 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භක සභාපතිවරයා වුයේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතායි. පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති කමිටුවේ (COMPOL, 1982-83) සභාපති ලෙස කටයුතු කරමින් පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව නිර්මාණය කිරීමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ ඔහු 1984 අංක 10 දරණ පනත කෙටුම්පත් කිරීමට ද සහාය විය. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ බලශක්ති උපදේශක (1982-86), විදුලි සංදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති කමිටුවේ සාමාජික (1984-85), නවීන තාක්ෂණය සඳහා වූ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සමාරම්භක පාලක...
වැඩිදුර කියවන්න

වසන්ත දේශප්‍රිය මහතා

වසන්ත දේශප්‍රිය මහතා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල අමාත්‍යංශයේ ලේකම් වේ. ඔහු අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝඛ විද්‍යාලයේ හා කැලණිය විශ්ව විද්‍යාලයේයි. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගෙන ඇති ඔහු එක්සත් රාජධානියේ රෙඩින් (Reading) විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන තිබේ. වසන්ත දේශප්‍රිය මහතා අවුරුදු 30කට වැඩි රාජ්‍ය අංශයේ අත්දැකීම් ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකි. ඔහු රජයේ පරිගණකගත කිරීමේ ව්‍යාපෘතිවලට බෙහෙවින් සම්බන්ධ වී තිබේ. මුලින් ම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළ දේශප්‍රිය මහතා එහි කලාපීය කාර්යාලවල තොරතුරු තාක්ෂ...
වැඩිදුර කියවන්න